කොරියා රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචියක්

මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද මෙහිදී සාකච්ඡා වීය . ඒ අනුව ලබන සතියේ සිට සතියකට 250 බැගින් පිරිසක් කොරියාවට යැවීමට කටයුතු සලසන බව ලී මහතා සහතික විය. මේ අතරින් වැඩි පිරිසක් ධිවර අංශයේ රැකියා සඳහා යොමු කරනු ලබයි.
තවද මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී තොරතුරු ලේඛණයේ සිටින සියලු දෙනා සඳහා තොරතුරු ලේඛණයේ වලංගු කාලසීමාව දීර්ග කරන ලෙසට අමාත්‍යවරයා කරන ලද ඉල්ලීම අනුව එම දීර්ග කිරීම පිළිබද සලකා බලා ඉදිරි සතියේදී දැනුම් දෙන බව ලී මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ඉදිරි වසර 10ක කාලය තුල කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක අදායමක් ලබා ගැනීමට හැකිවන පරිදි රැකියා උත්පාදනය කරමින් සහය දක්වන බවද ඔහු අමාත්‍යවරයාට පැවසු බව වාර්තා වනවා.
කොරියාවේ සේවයේ නිරතව සිට ආපසු පැමිණ යළි කොරියාවේ රැකියා බලාපොරොත්තු වෙන් සිටිය පුද්ගලයින් සඳහා විශේෂ කොරියානු භාෂා විභාගය කඩිනමින් පැවැත්වීම ගැන මෙහිදී අවධානය යොමු කළ අතර, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික ප්‍රධානියාගෙන් ඒ සදහාද සුබවාදී ප්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.