BREAKING NEWSEXCLUSIVEPOLITICS
GMOA යළිත් වැඩ වර්ජනයකට සූදානම් වෙයි..!

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. ඔවුන් පවසන්නේ ලබන 21 වැනිදා මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවටයි.
රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇත බව සඳහන්. ලබන 20 වැනිදා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී වර්ජනය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි එම සංගමයේ සහකාර ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.