පෙම්වතා වන්දනා ගමනක් ගියා යැයි අමනාප වූ පෙම්වතිය සිය දිවි නසාගනියි

සිය විරෝධය නොතකා තමන්ගේ පෙම්වතා හිතවතුන් පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවේ ගියේ යැයි කියා සිත්තැවුලට පත්වී තරුණියක් ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වේ. ඒ වරකාපොල ප්‍රදේශයෙනි.
මෙසේ සියදිවි නසා ගැනීමට ලක්ව ඇත්තේ වරකාපොල අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක් වූ පාසල් ශිෂ්‍යාවකි. මියගිය ශිෂ්‍යාව වරකාපො ල ප්‍රදේශයේම තරුණයකු සමග අවුරුදු 06 ක පමණ සිට පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර පෙම්වතා පෙම්වතියගේ නිවසට පැමිණ යහළුවන් පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවේ යන බව පෙම්වතියට පවසා තිබේ.
පෙම්වතිය එම මොහොතේම එසේ වන්දනා ගමන් නොයන ලෙස විරෝධය පා ගමන නොයන ලෙස තම පෙම්වතාට පවසා තිබේ. පෙම්වතියගේ ඉල්ලීම නොතකා එම තරුණයා වන්දනා ගමන ගොස් ඇති අතර ඒ යන ගමන අතරතුරදී තරුණයාගේ මිතුරෙකු දුරකථන ඇමතුමකින් පෙම්වතිය සියදිවි නසා ගෙන ඇති බව පවසා තිබේ.
ඉන්පසු අදාල තරුණයා ආපසු හැරී පැමිණ තිබේ. වරකාපොල පොලිසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.