ARTICLESNEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

ජනපති සමඟ කාබනික සටන් බිමට ගෙවිඳුත් බසියි…

ත්රස්තවාදය පරදන තීන්දුව වගේ ම, කාබනික ගොවිතැනට පිවිසීමත් ජයගත යුතුම අභියෝගයක්! – ගෙවිඳු

කෘමිනාශක, වල්නාශක නිසා සමස්ත ජන ජීවිතය ම අභියෝගයට ලක්ව ඇති පසුබිමක කාබනික ගොවිතැන සඳහා යොමු වීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගත් තීන්දුව යථාර්ථයක් කරගත යුතු අභියෝගාත්මක තීරණයක් බව යුතුකම සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. මාධ්‍ය අමතමින් ගෙවිඳු කුමාරතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

“වස විසෙන් තොර කාබනික ගොවිතැනට යොමු වීමට අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය ගත් තීන්දුව, ගත යුතුව තිබෙන අත්යවශ්ය තීන්දුවක් ලෙස යි යුතුකම සංවිධානය දකින්නේ. අද ගොවිතැනට භාවිත කරන රසායන ද්රව්ය නිසා මේ රටේ ජනතාව විශාල වශයෙන් පිළිකා රෝගවලින්, වකුගඩු රෝගවලින් මිය යනවා නම්, ඒ නිසා පවුල් පිටින් අසරණ වෙනවා නම් මේ තීන්දුව අප ගතයුතු ව ඇති තීන්දුවක්.

“ත්රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය ජයගත් පිරීසකට මේ අභියෝගය ජයගත හැකි බව ජනාධිපතිතුමා ප්රකාශ කර තිබුණා. එය ඉතා සුදුසු උපමාවක්.

“ත්රස්තවාදයට එරෙහි සටන අවුරුදු 25කට වැඩි කාලයක් පුරාවට අපේ රටේ පැවැති රජයන්ට ජයගත නොහැකි අභියෝගයක් ලෙස වර්ධනය වුණා. අවසානයේ ඒ සටන ජයගැනීමට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ රජය කටයුතු කළ ආකාරය මේ රට වස විසෙන් තොර ගොවිතැනට යොමු කිරීමේ දීත් අපට ආදර්ශයක් වෙනවා.

“එදා, ඒ රජය ත්රස්තවාදය පරාජය කිරීමේ සටනට අවශ්ය පසුබිම ඉතා ක්රමානුකූලව සකස් කළා. හමුදාවට තරුණයින් බඳවා ගත්තා, ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදුන්නා, අවි ආයුධ මිලයට ගත්තා, හමුදාවන්හි විවිධ තනතුරුවලට නිවැරැදි නායකයින් පත්කළා, යුද සැලසුම් සකස් කිරීම වගේ ම යුද මෙහෙයුම් දියත් කිරීම ද ඉතා විධිමත් ආකාරයකට සැලසුම්සහගතව සිදු කළා. එ වැනි සැලසුමක් අනුව කටයුතු කළොත් මේ වසවිස භාවිතයෙන් මිදී කාබනික ගොවිතැනට රටට යොමු කරගැනීම සාර්ථක කරගත හැකි බව අපේ විශ්වාස යි.

“කාබනික ගොවිතැනට පිවිසීම සඳහා ගත් තීන්දුවත් කොටි ත්රස්තවාදය පරාජය කරන්න ගත් තීන්දුව වගේ ම අපේ රටේත්, අනාගත පරපුරේත් පැවැත් ම පිළිබඳ දැවැන්ත අභියෝගාත්මක තීන්දුවක්. ඒ නිසා ඒ අභියෝගයට නිසි ක්රමවේද, නිසි සැලසුම් සහිත ව මුහුණ දිය යුතු යි.

“කාබනික ගොවිතැනට යොමුවීමේ අභියෝගය රජය, මේ රටට ආදරේ කරන ජනතාව, අප රටේ ජීවනාලිය වන ගොවි ජනතාව එක්ව ජයගත යුතු යි. අපේ ගොවි ජනතාව ගේ ආරක්ෂාව වගේ ම අපේ ආහාර සුරක්ෂිතතාවත් සහතික කරගත යුතු යි. වී වගාව වගේ ම ප්රධාන වශයෙන් රටට අපනයන ආදායම ගෙනෙන තේ වගාවත් කාබනික වගාවන් බවට පත් කිරීම මෙහි දී මූලික යි, ඒ ඒ වගාවට අදාළ අභියෝග ජය ගැනීමට සුදුසු විධික්රම,සැලසුම් අප ගොඩ නඟාගත යුතු යි.

“සමහරු කොවිඩ් වසංගතය පැතිර ඇති බැරූරුම් මොහොතක මෙ වැනි බරපතළ තීන්දුවක් ගැනීම ප්රශ්න කරනවා. එහෙත් මෙ වැනි බැරූරුම් අවස්ථාවල ගත් අභියෝගාත්මක තීන්දුවලින් තමයි රටවල් තමන් ගේ ඉරණම වෙනස් කරගෙන තිබෙන්නේ. දැවැන්ත ජයග්රහණ ලබාගෙන ඇත්තේ. ජපානයේ, කොරියාවේ ජනතාව යුද්ධවලින් පසු සිය මවුබිම් නිවැරදි මාවතකට යොමු කරගත් ආකාරය, ඒ වගේ ම ඊශ්රායලය අපට ආදර්ශයක් කරගන්න පුළුවන්. මෙය සැබවින් ම අභියෝගයක්. ඒ සඳහා අපි රටක් ලෙස සැලසුම්සහගතව මුහුණ දිය යුතු යි.

“වර්තමාන වසවිස ගොවිතැන සමඟ අපේ රටට අනාගතයක් නෑ. ඒ සමඟ ඉදිරියට ගියොත් අපේ ගොවි ජනතාව වගේ ම සමස්ත ජනතාව ම විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වී අන්ත අසරණභාවයට ඇද වැටීම වළක්වන්න බෑ. ඒ නිසා මේ තීන්දුව අතිශය වැදගත්, ජයගත යුතු තීන්දුවක් බව අවධාරණය කළ යුතු යි. ඒ තීන්දුව සාර්ථක කර ගැනීම සඳහා විද්වත් සමාජ සංවාදයක්, ජාතික අධිෂ්ඨානයක් ගොඩනැඟිය යුතු යි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button