BREAKING NEWSEXCLUSIVE
ලංකේය වෛද්‍යවරුන්ගේ උත්සාහය ඵල දරයි – කොරෝනා වැළදුණු චීන කාන්තාවගේ සිරුරෙන් විෂබීජය සම්පූර්ණයෙන්ම ඉවතට

IDH උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ සිරුරෙන් එම විෂබීජය සම්පූර්ණයෙන්ම තුරන්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.