BREAKING NEWSEXCLUSIVE

මහමැතිවරණය කල් යන ලකුණු!

හෙට (19) දිනයේ මැතිවරණය සඳහා වන නාමයෝජනා ලබා දීමෙන් පසුව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දමනු ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් පවසනවා.

නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීම හෝ කල් දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය මැතිවරණ කොමිසන් සභාවට ලැබෙන නිසා පවතින තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණය කල් දමනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවලදී සඳහන් කරන ලදී.

මේ සමගම පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අවස්ථාවක් නැති වන අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම විසින් නියම කරන දිනයකදී මැතිවරණය පැවැත්වීම සිදු කල හැක.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මැතිවරණය පැවැත්වීම අවලංගු කර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button