BREAKING NEWSEXCLUSIVE

වසරේ මුල් මාස 9 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්

තුන්වන කාර්තුවේදී හැකිලීමක් දක්නට ලැබුණ ද, මේ වසරේ පළමු මාස 09 තුළ මෙරට ආර්ථිකය සියයට 4.4 කින් වර්ධනය වී ඇති බව, ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.මේ වසරේ පළමු මාස 9 තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ටි්‍රලියන 07ක් ලෙස සටහන් වූ අතර, පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වී ඇත්තේ රුපියල් ට්‍රිලියන 6.7ක්.කෙසේ නමුත්, 2019 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් ට්‍රිලියන 7.5ක දළ දේශිය නිෂ්පාදිතයන් වාර්තා වුණා.
කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන්, පසුගිය වසරේ පළමු මාස 09 තුළ දළ දේශීය නිෂ්පාදිතය 2019 වසරට සාපේක්ෂව 3.6%කින් පහත වැටුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button