BREAKING NEWSEXCLUSIVE

රසායනික පොහොර ආනයනයට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ

අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද එ නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජනතාවට සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කරා අප්‍රේල් මස 26 වැනිදා ගැසට් කරන ලද ගැසට් පත්‍රය අද දින සිට ඉවත් කරගන්න. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පලිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයන කරල වෙළෙඳ පොළේ විකුණන්න අවස්ථාව තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම තියෙනවා. රජය ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය.
රජයේ පොහොර සහනාධාරය, අවශ්‍ය බීජ ලබා දීම, ඒ වගේම වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළෙඳපොළ සියල්ල ලබාදෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට. ඒ නිසා ඒ රජය හරිත කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර ඇතුලු සියලු දේ ලබා දෙන්න රජය කටයුතු කරනවා. රසායනික පොහොර විවෘත වෙළඳපොලේ අවශ්‍ය පරිදි ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. කියන්න ඕන මේ ආණ්ඩුව මුරණ්ඩු ආණ්ඩුවක් නෙවෙයි. මේ ප්‍රතිපත්තිය පිළිබඳව හැම කෙනෙක්ම හොඳ කිව්වා. ගොවියොත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳ‍යි. දේශපාලන පක්ෂත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. නමුත් මේ පිළිබඳව විවිධ අවස්ථාවල ගොවියන් උද්ඝෝශන තියලා ඉල්ලීම් කලා රසායනික පොහොර වෙලදපලේ ලැබෙන අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ අනූව තමයි තමයි රජය මේ ගැසට් පත්‍රය ඉවත් කරගන්නේ. නමුත් රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකර

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button