BREAKING NEWSEXCLUSIVEPOLITICS
විදුලි බල සැපයුම හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ඊයේ දිනැති අංක 2285/04 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව එම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මේ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා – ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරිම – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර තිබෙනවා.
.