BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

2022 අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කල අතර, මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනූව රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button