BREAKING NEWSPOLITICS
රාජ්‍ය නිලධාරීන්ට අගෞරව කරන්න එපා.. අප ඔවුන් සමගයි – ජනපති-අගමැති කැබිනට් මණ්ඩලයට කියති

රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඔවුන් විසින් මෙසේ අවවාද කර ඇත.
ඇමැතිවරුන් කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යා යුතු බව ද උපදෙස් දී ඇත.
පුද්ගලික අරමුණු පසෙකලා ජාතික අරමුණු පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් රැකගැනීම සඳහා රජය සෑම විටම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.