BREAKING NEWSEXCLUSIVE
ගෑස් හිඟය අවසන් කරමින් ගෑස් නැවක් අද ශ්‍රී ලංකාවට

වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස තවත් ගෑස් මෙටි්රක් ටොන් 3600 ක් රැගත් නැවක් අද (05 දා) කොළඹ වරායට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙටි්රක් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව ලිට්රෝ ගෑස් සමාගම මෙම ප්‍රමාණය ආනයනය කර වෙළෙඳ පොළට වහා නිකුත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂ අලී හසන් ප්‍රකාශ කරනවා.
ගෑස් මෙටි්රක් ටොන් 3600 ක් රැගත් නැවක් පසුගිය සෙනසුරාදා (02) වරායට පැමිණීමෙන් පසු ගෑස් බෙදාහැරීමට කටයුතු කර තිබෙන බවත් තවත් මෙටි්රක් ටොන් 3600 ක් රැගත් නැවක් ලබන සෙනසුරාදා (9 දා) පැමිණීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කරනවා.