BREAKING NEWSEXCLUSIVE

ගෑස් මිල වැඩි වීම නවතී. ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ඒකාබද්ධ කරයි.

ගෑස් මිල ඉහළ නොදැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. නමුත් සමාගම් ලබන පාඩුව අවම කිරීම සඳහා තීරණ කිහිපයක්ද අනුමත කරගෙන තිබෙනවා.

ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සමාගම් දෙක විසින් ඒකාබද්ධව සිදුකළ යුතු අතර ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය භාවිතා කිරීමට ලිට්‍රො සහ ලාෆ් සමාගම් දෙකටම අවසර ලබා දීමට පියවර ගෙන තිබෙන අතර,

එල් පී ගෑස් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල නියෝජිතයන්ද ඇතුළත් ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම ගෑස් මිල තීරණය කිරීම සදහා පත්කළ අමාත්‍ය අනු කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ ඉදිරි මාස 06 ක කාලය තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය විමසා බැලීමටද කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button