BREAKING NEWSEXCLUSIVE
ගම්මන්පිලගෙන් පරිසර හිතකාමී වැඩක් – එලවලු බීජ දමා ආක්‍රමණශීලි පැලෑටි වලින් මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කරයි

එළඹෙන මැතිවරණය වෙනුවෙන් සිය මැතිවරණ ප්රචාරක වැඩ පිළිවෙල පරිසර හිතකාමී ලෙස සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
ඒ අනුව දිරා නොයන ප්ලාස්ටික් සහ පොලිතීන් සිය මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත් කිරීමට උදය ගම්මන්පිල තීරණය කර තිබේ.
තවද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්රචාරක කටයුතු සඳහා යොදා ගන්නා මානප අංකය සඳහන් කාඩ් පත් ආක්‍රමණශීලි ශාඛ වලින් නිපදවනු ලබන කඩදාසි යොදාගෙන මුද්‍රණය කිරීමටත් තීරණය කර තිබේ.
එම ප්රචාරක කඩදාසි තුල එලවළු බීජ අන්තර්ගත කර නිපදවා තිබීම නිසා එම මනාප අංක සහිත කාඩ්පත් පැල කිරීමට හැකි ලෙසට සකසා තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසනවා.