ජනපති දිස්ත්‍රික් කමිටු රැස්වීම දුප්පත් ගමක පන්සලකට ගෙන යයි – ඉතිරිවන මුදලත් ගමට

තරු හෝටලවල පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පළමු වරට ගමක පැවැත්වුනා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙලෙස උඩුගම හෝමාගම රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්වුණා.
සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබූ අතර මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.
සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සැලසුම් ජනපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා මෙම රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසු අතර කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඔවුන් පැමිණිලි කරනු ලබ තිබේ. ඒ අනුව සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු කෙරුණා.
ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇති අතර, ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.