BREAKING NEWSEXCLUSIVE

චම්පිකගේ සැලසුමක් – ඥාණසාර හිමි රතන හිමිගේ පක්ෂයෙන් මහමැතිවරණයට!

මහනායක හිමිවරුන්ගේ නියමය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා හිමි නොවූ භික්ෂූන් පිරිසක් වෙනම පක්ෂයක් සාදා මහ මැතිවරණයට තරග කිරීමට නියමිතය.

මෙම නව පක්ෂය සඳහා අනුග්‍රහය එක්සත් ජාතික පා.ම පාඨලී චම්පික රණවක විසින් ලබා දේ.

ඒ අනුව පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු ‘අපේ ජන බල පක්ෂය’ යටතේ ‘කොඩිය’ ලකුණින් මෙම පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ අතර ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් ‘කොඩිය’ ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බදුල්ල දිස්ත්‍රීක්කයෙන්ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පාඨලී චම්පික රණවකගේ සමීපතම මිතුරෙකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button