BREAKING NEWSEXCLUSIVE

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් නිකුත් කෙරේ

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.

සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ නිදහස් කර ගැනිමට හැකි බවත් එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනිම සදහා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරිමට එකඟතාව පළ කර ඇති අතර එම මුදල් නිකුත් කිරිම අද සිට සිදු කිරිමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button