GOSSIP NEWSVIRAL NEWS

පවිත්‍රාගේ ඉල්ලීම ගෝඨා පිළිගනියි – පිළිකා රෝහලට ඖෂධ ගෙන්වන්න මිලියන 1000ක්.!

මහරගම අපේක්ෂ්කා රෝහලේ කලක පටන් පැවැති ඖෂධ හිඟයට පිළියම් ලෙස එම රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලට ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1000ක් ලබා දී තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අපේක්ෂා රෝහළේ මෙම ඖෂධ හිඟය පිළිබඳ කරුණු ජනපති ගෝඨාභය රාජපක්ෂට දන්වා ඖෂධ මිලට ගැනීමට අවසර ඉල්ලු විට ජනපතිවරයා විසින් ඒ සඳහා මුදල් වෙන් කර තිබේ.

පසුගිය වසර හතරක කාලය තුල මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පැවතුනු අතර ඒ හේතුවෙන් රෝගීන්ට ඖෂධ පිටින් මිලට ගැනීමට සිදු විය.

මෙරට බොහෝ රෝහල් වල ඖෂධ හා රසායනාගාර සේවා හිඟයක් පවතින අතර වහාම අත්‍යවශ්‍ය ඖෂධයන්ගේ ලයිස්තු තමන්ට ඉදිරිපත් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල අංශ වලට උපදෙස් දී තිබෙන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button