BREAKING NEWSEXCLUSIVE
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී .
පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී .
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාරා ආයතනය ඇතුළු ආයතන සහ පිරිසක් නම්කර ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් අනතුරුව ගිනි ගත් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු පරිසරයට, මත්ස්‍ය ජීවීන්ට , වෙරළ තීරයට , ධීවර ජනතාවට පිරිමැසිය නොහැකි හානියක් සිදු වී ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි .
මෙම නෞකාව මෙරට ඇතුළු වීම , ගිනිබත් වීම , ගිනි නිවීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය බව පෙත්සම්කරුවන් පවසා සිටියි