BREAKING NEWSEXCLUSIVE

දින දාහතරකට සියලූම උත්සව තහනම් – විවාහ උත්සවයන්ටත් සීමා (Breaking News)

සියලූම ආකාරයේ පුද්ගලික හා රජයේ උත්සව දින දාහතරකට තහනම් කිරීමට රජය කටයුතු කර තිබේ.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලූම ප‍්‍රසිද්ධ රැස්වීම් හා උත්සව ආදිය මෙම තහනමට බලපැවැත්වේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප‍්‍රදේශයකම ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න, සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.

මෙම කාලසීමාවේ විවාහ උත්සව සඳහා සහභාගී කරගන්නා පිරිස හැකිතරම් අවම කරගන්නැයි සෞඛ්‍ය අංශ සහ පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රට තුල ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහාද කටයුතු සුදානම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button