BREAKING NEWSEXCLUSIVE

වසර 5 කට අවශ්‍ය ඉන්ධන සෞදියෙන්

වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් බැගින් වසර පහක් දක්වා ආධාර දෙන්නැයි ශ්‍රී ලංකාව, සවුදි අරාබියානු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ අනුව එම ණය මුදල වසර පහක පමණ කාලයක් දක්වා දීර්ඝ කාලීන ණය පදනම යටතේ ඉල්ලා තිබෙන අතර, මේ සම්බන්ධයෙන් සවුදි අරාබියානු රජයේ අවධානය යොමුව තිබෙන බවද රජය ප්‍රකාශ කරයි.
පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගැනීම වෙනුවෙන් ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස සැලකේ. සවුදි මූලික කර්මාන්ත සංස්ථාව (SABIC) විසින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා රජයට හෝ පෞද්ගලික අංශයට සැපයීමට සිය කැමැත්න ප්‍රකාශ කර තිබේ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button