කලුකඩ වෙලදාම නිසා ඉන්ධන බෙදාහැරීම සීමා කෙරේ..

දිවයින පුරා පිරවුම්හල වලට ඉන්ධන බෙදා හරිම සිමා කර ඇති බව වාර්තා වේ.එනම් ඉන්ධන සදහා ඉල්ලුම ඉහළයාම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි.
පෙට්‍රල් සදහා මෙරට දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක් වන අතර ඉකුත් දින කිහිපය තුල දෛනික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 8000 කව පවතී බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචිමාර්ග පවසයි.එනම් එයට හේතු වී ඇත්තේ ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස පෙට්‍රල් එක්රැස් කර ගැනීමයි.
එබැවින් ඒ අනුව දෛනිකව මෙට්ට්‍රික් ටොන් 4,000 බැගින් පෙට්‍රල් බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
පෝලිම්වල රැදී සිටින සමහර පිරිස් සිය රථ වලට පෙට්‍රල් ලබාගැනීමෙන් පසු ඒවා කෑන් සහ බූලිවලට ගබඩා කර යලි එම දිනයේම පෝලිම්වල රැදී සිටිමින් පෙට්‍රල් ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබෙනවා.
එලෙස ඉන්ධන අනවසරයෙන් ගබඩා කල පුද්ගලයන් 137 ඉකුත් දින කිහිපය තුලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස වැටලීම් වලින් සොයාගත් පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 27000ක් ඩිසල් ලීටර් 22000ක් ද වන බව පොලිසිය පවසයි.සොයාගෙන ඇති භුමිතෙල් ප්‍රමාණය ලීටර් 10000 කට ආසන්න වේ.
රටපුරා අනවසරයෙන් ගබඩා කර වැඩි මිලට ඉන්ධන විකුණන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් 118, 119 හෝ 1997 යන අංකවලට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය පවසයි.