BREAKING NEWSEXCLUSIVE

අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක මිළ අඩු වීමත් සමග කොරෝනා අමතක කර බොහෝ ප්‍රදේශ වල වෙළදසැල් අසල දිගු පෝලිම්.

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කිරිමත සහ තවත් ණය සහන ජනතාවටලබා දීමත් සමග වතුකරයේ සහ තවත් ප්‍රදේශ කිහිපයකම ජනතාව සහන මිලට එම භාණ්ඩ ලබා ගැනිම සදහායෑම නිසා අද (18) දින උදෑසන සිට සතොස ශාඛාවන් වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

සතොස ශාඛාව මගින් රු 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදිම සිදු කරන නිසා එම ශාඛාවලින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක්ද ලබාදෙයි.නමුත් පෞද්ගලික වෙළෙඳුන් කියා සිටින්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද රුපියල් 160කට පමන ලබා ගත් බවයි.එම නිසා රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුලින් විශාල පාඩුවක් සිදු වන බව පෞද්ගලික වෙලදුන් පැවසීය.නව මිලට සැමන් සහ පරිප්පු තොග වශයෙන් ලබාදෙන්නේ නම් එම සහනය පාරිභෝගිකයන් හට ලබා දිය හැකි බවද වෙළෙඳුන් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button