BREAKING NEWSEXCLUSIVEPOLITICS

නිදහස් පක්ෂය විශ්වාසභංගයට විරුද්ධ වෙයි.

තෙල් මිල ඉහළ නැංවීම හේතුකොටගෙන සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ‌ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එයට අදාල ඉන්ධන මිල ඉහළ නැංවීම ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව විසින් ගත් එකක් මිස අමාත්‍යවරයා විසින් පෞද්ගලිකව ගනු ලැබූ එකක් නොවීම ඒ සදහා හේතුවී ඇති බව පැවසෙනවා.

එබැවින් අදාළ විශ්වාසභංගය සදහා සහාය නොදීමට ශ්‍රීලනිපය ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button