BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය සේවක වර්ජනය නිසා ඔසුසලෙන් නොමිලේ බෙහෙත්

මේ කාලය තුලව සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් වලින් ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇත.ඒ හේතුව නිසා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ ඖෂධ ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර, සිය වර්ජනය අත්හිටුවීමට අදාළ ව අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය මේ දක්වා තමන්ට හෝ තම සංගමයට නො ලැබුණු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම අධිකරණ නියෝගය ලැබුණු පසුව වර්ජනය සම්බන්ධ ඉදිරි තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බවයි.
වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිය සමිති පසුගිය සඳු දා ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් නීතිපතිවරයා සිදු කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන කොළඹ දිසා අධිකරණය ඊයේ සමන් රත්නප්‍රියට නියෝග කළේ එම වර්ජනය වහා ම අත්හිටුවන ලෙසයි.
කෙසේ වෙතත් සිය වර්ජනය නීත්‍යානුකූල පසුබිමක් යටතේ ක්‍රියාත්මක කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, වර්ජනයේ නිරතවන්නන් නීතියට ගරු කළ යුතු බවයි.
අද පස්වන දිනටත් ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, රෝගීන්ද පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකට යි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button