BREAKING NEWSEXCLUSIVE

චන්ද්‍රිකාගේ ප්‍රධාන ආරක්ෂකයා ඇතුළු සිව් දෙනෙකුගේ පොලිස් පුටු මාරුවක්..

දිවයිනේ දිසා කිහිපයක නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් කටයුතු කර ඇත.

යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එම්.සේනාරත්න මහතා සුබසාධන දිසාවටත්, අම්පාර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඒ. කරුණාරත්න මහතා බස්නාහිර පළාත් අපරාධ මර්දන දිසාව භාරවත් මාරු කර යවා ඇති අතර,

විශ්‍රාමික ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශ ප්‍රධානියව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා අම්පාර දිසාව භාරවත්, පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා යාපනය නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර යැවීමට කටයුතු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button