BREAKING NEWSEXCLUSIVE

ගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට එකඟ වෙයි

එයාර් ෆ්‍රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) ප්‍රකාශ කලා.

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව සමඟ කඩිනමින් ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන් වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටියා

මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පැවැත්වූ බවත් මීට අමතරව සිනමන් ගුවන් සේවය ලංකාව පුරා විහිදී තිබෙන අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපල ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කල බවත් ඔහු කියා සිටියා.

දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වල මගී ධාරිතාවය ඉහල නැංවීමට පියවර ගන්නා බවද දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකේ පුරා ගෙන යන සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට අපේක්ෂිත බවත් එමගින් ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා තව දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button