BREAKING NEWSEXCLUSIVEPOLITICSSPORTS

මා එදා විවේචන මධ්‍යයේ ගත් තීරණවල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා – ආසියානු කුසලාන ජයග්‍රහනය ගැන නාමල් කතා කරයි.

තමන් එදා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සෘජුව තීරණ ගනිද්දී බොහෝදෙනා තමාට විවේචන එල්ල කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තරග පරදිද්දී අලුත් නායකයෙකු නම් කරන විට, අලුත් ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන එනවිට, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි තීරණ ගන්නා විට තමන්ට චෝදනා, විවේචන රැසක් එල්ල වූ බවත්, කෙසේ නමුත් ඒ සියල්ල විඳදරා ගනිමින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවද සදහන් කරන ඔහු වැසිදුරටත් සදහන් කරනේ, අද වනවිට තමන් ගත් තීරණවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, මෙය ආරම්භයක් පමණක් බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියේදී ජයග්‍රහණ වැලක් ලැබීමට නියමිත බවයි.

ක්‍රීඩකයෙකු ලෙස තමා ක්‍රීඩා කරන කාලයේදී නිළධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් ක්‍රීඩකයන් කෙතරම් අභියෝගවලට මුහුණ දෙන්නේද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත් බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා‌ ලෙස තමන් කිසිදු ක්‍රීඩා සංගමයකට බලපෑම් සිදු නොකර ඔවුන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීම සඳහා අවස්ථාව ලබාදුන් බවත් තමන් සිදුකළේ ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම බවත් ඔහු පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button