BREAKING NEWSEXCLUSIVEPOLITICS
හවුල් පක්ෂත් වර්ජනය කරද්දී හිටපු ජනපති සහ අගමැති සර්ව පාක්ෂික සමුළුවට..!

සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊට සහභාගි වන බවයි.
සර්ව පාක්ෂික සමුලු යෝජනාව සිය පක්ෂයේ එකක් බවත්, රටේ ප්රශ්න විසදීම සදහා සියලුම පක්ෂවලට ඊට ආරාධනා කරන බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින්ද පැවසුවා.
ඔහු සදහන් කළේ විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ පක්ෂද මෙම සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට තීන්දු කොට ඇති පසුබිමකයි.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වන ලංකා කම්කරු කොංග්රසය සහ විමල් වීරවංශ මහතා නියෝජනය කරන පක්ෂ 10ද එම සමුලුව වර්ජනය කර තිබිමය.