BREAKING NEWSEXCLUSIVEPOLITICS
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ 6 වනදා යළිත් මැතිසබයට..?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග නිළ නොලත් වශයෙන් සඳහන් කරනු ලබනවා.
එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව, එදිනම පස්වරුවේ මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවට එම ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.