BREAKING NEWSEXCLUSIVE
යහපාලනය ගෙන ආ කෝටි 280ක වාහන තවමත් භාර දී නැහැ – වෙන්දේසි කිරීමට නව රජය සුදානම්

රුපියල් ලක්ෂ 28,000 ක් වැය කර පසුගිය රජය සමයේ ගෙන්වූ වාහන බොහෝමයක් මෙතෙක් භාරදී නැතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ එම වාහන රජයට ලබාගැනීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවයි. මෙලෙස ජනතා මුදල් වැයකර වාහන ගෙන්වූයේ කුමන අරමුණකින් දැයි සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර විශාල මුදලක් වැයකර ගෙන්වා ඇති වාහන වෙන්දේසි කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂ ඉකුත් ආණ්ඩුව සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙහිදි ප්‍රකාශ කළේ අමාත්‍යවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම අනවශ්‍ය ක්‍රියාවක් බවය.