GOSSIP NEWSVIRAL NEWS

අගමැති මහින්දගේ උත්සාහය සඵල වෙයි – ඉතිහාසයේ මුල්ම වරට විදෙස් රටක කැබිනට් හමුවක් ශ්‍රී ලංකාවේදි

මාලදිවයින් රජයේ කැබිනට් මණ්ඩලයේ 2020 වසර සඳහා පවත්වන මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ පවත්වා තිබෙනවා. එය සඳහන් වන්නේ විදෙස් රටක කැබිනට් හමුවක් මෙරට පැවැති මුල්ම අවස්තාව ලෙසය.

මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමේ අරමුණින් තවත් ලොව හොදම සංචාරක නවාතැනක් වන මාලදිවයින් රජයේ ඉහළ නියෝජිතයන්ට මෙරට පහසුකම් සළසා දී තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුල්වී බවද වාර්තා වේ.

මෙම අමාත්‍ය මණ්ඩල හමුව ජනවාරි 01 දින පවත්වා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකදීයි.

මේ සඳහා මාලදිවයින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩල ප්‍රධානී ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන්ද කැටුව අහුන්ගල්ලට පැමිණ ඇති අතර ඔවුන් සඳහා එකී හෝටලයේ විශේෂ පහසුකම් සහිත කාමර 27ක් වෙන්කර තිබෙනවා.

මෙම පුවත විදෙස් ජනමාධ්‍යයන් අතර අද දින කතාබහට ලක්වූ අතර එමගින් මෙරට ආරක්ෂාව සහතික වී තිබෙන බව සංචාරකයන්ට සහ ආයෝජකයන්ට හැඟවීම රජයේ අරමුණ වී තිබෙන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button