GOSSIP NEWSVIRAL NEWS

ඔක්තෝම්බර් මස යළිත් ප්‍රහාරයක අවදානමක් – බුද්ධි අංශ අනතුරු අගවයි.!

මෙම මස යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශයන්ට අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.

මින් දින කිහිපයකට පෙර මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියා දක්වමින් තිබුනේ මෙරට කතෝලික දේවස්ථානයන්ගේ ආරක්ෂාව තර කරන ලෙසටයි. කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර එල්ල විය හැකි තවත් ප්‍රහාරයක් පිළිබඳ තමන්ට විදෙස් බුද්ධි අංශයකින් තොරතුරු ලැබුණු බව කාදිනල්හිමියන් එම ලිපියේ සඳහන් කර තිබුනා.

තවත් ප්‍රහාරයකට සුදානමින් සිටින්නැයි මෙරට බුද්ධි අංශද ආරක්ෂක අංශයන්ට අනතුරු අගවා තිබෙන්නේ එම ලිපියෙන් පසුවයි. ඒ අනුව සංචාරක හෝටලයන්ට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි දන්වා තිබෙන බවද වාර්තා වේ.

මේ පිළිබඳව ආරක්ෂක අංශ අනතුරු අගවමින් නිකුත් කළ ලිපි කිහිපයක් සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙමින් තිබෙනවා.

එම ලිපි පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button