BREAKING NEWSEXCLUSIVE
මුදල් පමණක් සිය එකම අරමුණ කරගත් SLIIT පාලකයන්ට එරෙහිව ඉතිහාසයේ ප්‍රථම වරට SLIIT සිසුන් පාරට බහී.!

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ප්‍රවාහන ගැටලු මධ්‍යයේ විභාග සඳහා සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට විරෝධය පාමින් මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
සිසුන් පවසන්නේ ඇති ප්‍රවාහන ගැටලු සහ නවාතැන් මෙන්ම ආහාර පාන ගැටලු ද සැලකිල්ලට ගනිමින් විභාග මාර්ගගත ක්‍රමයට හෝ ළඟම තිබෙන මධ්‍යස්ථානයෙහි පවත්වන ලෙසයි.
සිසුන් විසින් දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කර ද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
විශ්වවිද්‍යාලයට පැමිණීම සඳහා සහ ආහාර පාන සඳහා අධික මුදලක් වියදම් වීම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුන් බොහෝමයක් සිය විභාග අත්හැර දමා ඇති බවද වාර්තා වනවා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් සිසුන් මානව හිමිකම ආයතන වෙත ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.