GOSSIP NEWSVIRAL NEWS
නවකවදය නිසා සරසවි හැරගිය සිසුන්ට නැවත අධ්‍යාපන වරම් දෙන්න නව රජයෙන් විශේෂ කමිටුවක්

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුලත් වන සිසුන්ට නවකවදය නිසා සිදු වන අපහසුතා මැඩපැවැත්වීම් සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (17) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට දන්වා තිබෙනවා.
අදාල කමිටුව සඳහා පත් කරන සාමාජිකයන්ද අමාත්‍යවරයා විසින් නම් කිඅර තිබෙනවා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුෆ් මහතා එහි සභාපති ධුරයටත් තවත් විද්වතුන් හයදෙනෙක් අමාත්‍යවරයා විසින් මේ සඳහා නිර්දේශ කර තිබෙනවා.
මෙම කමිටුව සිය නිර්දේශ මාස තුනක් ඇතුලත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දියයුතු අතර එම නිර්දේශයන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නවකවදය නිසා සරසවි අධ්‍යාපනය හැරගොස් සිටින සිසුන්ට නැවත අධ්‍යාපන පහසුකම් සැලසිමට නියමිත බව මේ සම්බන්ධයෙන් රජය නිකුත් කළ මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.