දඹදිව යන්න ආබාධිත රණවිරුවන්ට නව රජයෙන් ගුවන් ටිකට්පත් සහ මුදල්

දඹදිව වන්දනා සඳහා ආබාධිත රණවිරුවන් පිරිසකට ගුවන් ටිකට්පත් සහ මුදල් ආධාර පිරිනැමීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සුවසහන මධ්යස්ථානයන්වන රණවිරු සෙවණ, අභිමංසල 1/2/3 සහ මිහිඳු සෙත් මැඳුරහි නේවාසික ප්‍රතිකාර ලබන නිලධාරීන් සහ සෙබළුන් 20 දෙනෙකු වෙත දඹදිව වන්දනා සඳහා ගුවන් ටිකට්පත් සහ මුදල් පිරිනැමීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ඊයේ (19) දා පැවැත්විණ.
මෙම පිරිස අතරට රණක්ෂිතයට පත් නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් දහතුන් දෙනෙකු එක්ව සිටි අතර ඔවුන් පෙබරවාරි 23 දින සිට මාර්තු 03 දක්වා දින දහයක දඹදිව සංචාරයක නිරත වනු ඇත.
සංචාරය තුළදී ඔවුන් බෞද්ධ සිද්ධස්ථාන රාශියක මෙන්ම ටජ්මහල් ප්‍රාසාදය, නවදිල්ලි නගරය ආශ්‍රිතව සංචාරයෙහි නිරත වනු ඇත.