BREAKING NEWS
ඇඳිරි නීතිය මැද අසරණ වූ මවකට, සංඝ රත්නය පිහිටවෙයි – [VIDEO]

රටේ පවතින වාතාවරණය හමුවේ අසරණ වූ මහලු මවකට සංඝ රත්නයේ උපකාර ලැබුන අවස්ථාවක් වාර්තා වුනා.
මේ පිළිබඳ, උපකාරය කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසන්නේ මෙවැන්නක්.
“උදේ වරුවේ call එකක් ආවා. ” අනේ හාමුදුරුවනේ පරණ පත්තරයකින් මම අංකය හොයා ගත්තේ. මට වයස අවුරුදු 96ක්. මගේ එකම පුතා මාව දාල ගිහින් ගොඩක් කල්. මට පෙන්ෂන් එකක් තියෙනව. ඒත් මේ වෙලාවේ බඩුවක් මුට්ටුවක් ගන්න විදියක් නැ. දවල් බත් ටිකක් උයා ගත්තා. හොදි ටිකක් නෑ කන්න. උයා ගන්න කිසි දෙයක් නැ. පුලුවන්නම් මොනවා හරි ගෙනත් දෙන්න. “ හදවත පිච්චිලා ගියා. අපි අපේ දානෙට තිබ්බ වියලි සලාකවලින් කොටසකුයි. කඩයකින් වියළි සලාකයි, අරගෙන අපි ඒ අම්මගෙ ගෙදර හොයාගෙන ගියා… වයස 96ක් උනත් තවමත් තනියෙම තමන්ගේ වැඩ කර ගන්න පුලුවන්. මේ වගේ මිනිස්සු ඕන තරම් ඇති මේ වෙලාවේ. පුලුවන් විදියට අපි උදව් වෙමු එකිනෙකාට”