GOSSIP NEWSVIRAL NEWS

ගෝඨාට සහය දෙන්න සරත් ෆොන්සේකා පොහොට්ටුවට ?

හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලබා ගැනීමට ඉඩ ඇති දේශපාලන තීන්දුවක් පිළිබඳ වාර්තා වේ.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනා ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට එක්වීමට කැමැත්තෙන් සිටිනා බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පිළිබඳ සාකච්ඡා වටයක් ඒ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙක් අතර අද පස්වරුවේ සිදුව ඇති බවත්, එහිදී එම සාකච්ඡා සුභවාදීව අවසන් වී ඇති බවත් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම අදහස් දක්වමින් සිටි අතර අවසානයේ සරත් ෆොන්සේකා ඇතුලු පිරිසේ විරෝධය මැදම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එජාප ජනපතිධූර අපේක්ෂකත්වය හිමි වූවා.

සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ පාසල් සමයේ පටන් මිතුරන් වූ අතර ඔවුන් දෙදෙනාම කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලැබූවන්.

ඉන්පසු දෙදෙනාම ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වූ අතර දෙදෙනාම එකම නිලය දරමින් දෙවන සහ සිවුවන ඊළාම් යුද්ධ සදහා එක්ව විශාල මෙහෙයුම් ගණනකට අණ දී ජයග්‍රහණ ලැබූවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වූ පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිධූරයට තෝරා ගත්තේත් සරත් ෆොන්සේකා මහතාය. පසුව 2010 වසරේදී දේශපාලනික ආරවුලක් මත ඔවුන් දෙදෙනා විරසක වූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button