EASTINTERNATIONAL NEWS
වැසි ආපදා හේතුවෙන් උතුරු ඉන්දියාවේ 83ක් මරුට

අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් ඇතුලූ ආපදා හේතුවෙන් පසුගිය දින 4 තුළ උතුරු ඉන්දියාවේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊට අමතරව රාජස්ථාන් ප්‍රාන්තයෙන් ජීවිත හානි 6 ක් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ජීවිත හානි 3 ක් වාර්තා වී තිබේ. ජම්මුකාශ්මීරයෙන්ද දැනට එක් මරණයක් වාර්තා වනවා.
බිහාරයද මෙලෙස වැසි ආපදාවන්ට ගොදුරු වී අතර, පට්නා නුවර ඇතුලූ ප්‍රදේශ ගණනාවක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
එහි දුම්රිය ඇතුලූ ප්‍රවාහන සේවා අඩාල වී ඇති අතර, පාසල් ද වසා දමා ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා,
පට්නා නුවර – නාලන්දා වෛද්‍ය විද්‍යාලයද ජලයෙන් යටවී තිබෙනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට පෙරේදා එහි සාමාන්‍ය වර්ෂාපතනය මෙන් සියයට 1700 ගුණයක වාර්තාගත වර්ෂාවක් ඇද හැලී තිබෙනවා.