කොරෝනා ආසාධිතයන් පහකට සුවයි – තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා.
ඒ අනුව කොවිඩ් 19 වැළදී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 3,016 ක්. මේවනවිට මෙරටින් ආසාදිතයින් 3,271 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 242 දෙදෙනෙකු පමණයි. මේ අතර සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 224 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා.
ඒ අනුව මේ දක්වා නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41,192 ක්. පුද්ගලයින් 6,255 දෙනෙකු තවදුරටත් ත්‍රිවිධ හමුදාව මගින් කි‍්‍රයාත්මක කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර ඊයේ දිනයේදී පමණක් මෙරටදී PCR පරීක්ෂණ 1,810 ක් සිදුකර තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ 57,477 ක්.
සබැඳි පුවත් :