BREAKING NEWSEXCLUSIVEPOLITICS
බැසිල්ගේ ඉන්දීය සංචාරය සාර්ථකයි. පලමු තෙල් නැව ලංකාවට..!

ඉන්දීය ණය ආධාර යටතේ ශ්රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද දිවයිනට පැමිනුනා.
එහි ඩීසල් මෙට්රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදුව ඇත.පිරවුම්හල් වෙත ප්රමාණවත් අයුරින් ඉන්ධන සැපයීම සිදුනොවීම නිසා ඇතැම් පිරවුම්හල් අසල පැය ගණනක් ගෙවමින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට සිදුව තිබෙනවා.
මේ අතර දින 05ක පමණ කාලයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවට ඩොලර් ගෙවීම හෙට (21) දිනය තෙක් කල්දමා තිබෙන බව වාර්තා වනවා.