BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ අයට දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව

කිසියම් කරුණක් හේතුවෙන් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ අය වෙනුවෙන් දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.

මෙතෙක් එන්නත ලැබී  නැති වයස අවුරුදු 30ට වැඩි කිසියම් අයෙක් හෝ ප්‍රදේශයක් ඇත් නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම පැවැත්වුනේ.

එහිදී එන්නත්කරණ වැඩපිළිවෙලහි ප්‍රගතිය පිළිබඳ දීර්ඝව සමාලෝචනයට ලක්ව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button