BREAKING NEWSEASTINTERNATIONAL NEWS
කොරොනා සුව වූ චිනයේ පළමු රෝගියා රෝහලෙන් නික්ම යයි

චීනයේ කොරොනා වෛරසය මේ වනවිට සීග්‍රයෙන් පැතිර යමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ හදිසි තත්ත්වයක් ද නම් කර තිබේ.
මේ වන විට කොරොනා වෛරසය වැළඳුනු රෝගීන් 1900ක් පමණ චීනයෙන් වාර්තා වන අතර, ඔවුන් විසින් නගර කිහිපයක් වසා දමා තිබේ.
කෙසේ වෙතත් එවැනි පසුබිමක කොරොනා වෛරසය සමග සටනක නිරත ලෝක සෞඛ්‍ය ප්‍රජාවටම සුභ පණිවිඩයක් චීනයෙන් වාර්තා වේ.
එනම් කොරොනා වෛරසය වැළදී සුව වූ ප්‍රථම රෝගියාද චීනයෙන් වාර්තා වීමයි. කොරොනා වෛරසය වැළදී, ප්‍රථිකාර ලබා සුව වූ මෙම රෝගියා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.