ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රබල ලැව් ගින්නක්

ඕස්ටේ්රලියාවේ ප්‍රධාන වෙළඳ නගරයක් වන සිඩ්නි නුවර දැඩි ලැව්ගිනි තත්ත්වයක් පැතිර යමින් තිබෙනවා.
ගිනි නිවීමේ ඒකකය පවසන්නේ ලැව්ගිනි තත්ත්වය මේවනවිට පාලනය කළ නොහැකි මට්ටමක් දක්වා උග්‍ර වී ඇති බවයි. විදෙස් වාර්තාවන්ට අනුව සිඩ්නි නුවර කිලෝ මීටර් 60 ක් පුරා දිවෙන හෙක්ටයාර් තුන් ලක්ෂයක භූමි ප්‍රමාණයක් පුරා මෙම ගිනිගැනීම් ව්‍යාප්ත වී තිබෙනවා.
ඒ අනුව සිය නිවෙස් හෝ වෙනත් දේපළ පිළිබඳ නොතකා දිවි බේරා ගැනීමට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි බලධාරීන් ආපදාවට පත්ව ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සිඩ්නි වරාය සහ සුප්‍රකට ඔපෙරා ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය පුරා දැඩි දුමාර තත්ත්වයක් ව්‍යාප්ත වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට ව්‍යාප්ත වෙමින් ඇති ලැව්ගිනි හේතුවෙන් ඔස්ටේ්රලියාව මේවනවිට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකයි. නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, වික්ටෝරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයකම මේවනවිටත් ලැව්ගිනි තත්ත්වයන් දරුණු ලෙස පැතිර යමින් තිබෙනවා.
ඒ හමුවේ නිවාස 7,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වි ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 07 ක්.