EASTINTERNATIONAL NEWS

43කට දිවි අහිමි කළ නවදිල්ලි ඛේදවාඡකය

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබෙනවා. ගින්න අද (08) අළුයම 5.00 ට පමණ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ගින්න හටගත් අවස්ථාවේ එම කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටි සේවකයින් 50 දෙනෙකු පමණ සිට ඇති බවත් ඉන් බොහෝ දෙනෙක් නින්දේ පසුව ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බව ඉන්දීය බලධාරීන් පවසනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 30 ක් යෙදවීමට සිදු වූ බව එරට ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි

නව දිල්ලි නුවර ඇතිවූ මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද සිය සංවේගය පළකර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button