BREAKING NEWSEXCLUSIVE

නිවෙස් 21ක් ගිනිබත් කල තොටළඟ – කජීමාවත්තේ ගින්න..

කොළඹ – තොටළඟ – කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස විසි එකක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

ඊයේ(24) රාත්‍රී 12.30ට පමණ ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ලද තොරතුරක් මත ගිනි නිවන රථ දෙකක් සහ ජල බවුසර හතරක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button