BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS

IMF සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් ඇමති ෆයිනෑන්සියල් ටයිම්ස් වෙබ් අඩවියට පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීමට සූදානම් බව,ලන්ඩනයේ, ෆයිනෑන්සියල් ටයිම්ස් වෙබ් අඩවිය සමග පවත්වන ලද සාකච්ජාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

ලංකාව විසින් ගෙවිය යුතු ස්වෛරී බැදුම්කර තිබෙන බවත්, එම ගෙවීම් සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට අදාල බැදුම්කර හිමියන් සමග සාකච්ජා කරමින් සිටින බවත්, එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද කිසියම් වැඩ පිළිපෙළක් සකසා ගැනීම සදහා සාකච්ජා සිදු වෙමින් පවතින බවත් මුදල් අමාත්‍යවරයා එම වෙබ් අඩවිය සමග පවසා තිබේ.

බැදුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබදව සාකච්ඡා කරමින් සිටින්නේ දැයි වෙබ් අඩවිය මුදල් අමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර, එවැනි දෙයක් පිළිබදව සාකච්ජා කරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පිළිතුරු ලෙස පවසා තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත්තේ, රටේ ආර්ථිකට රැක ගැනීම සදහා සෑම පාර්ශ්වයක් සමගම සාකච්ජා කිරීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම පවතින සෑම විකල්පයක් පිළිබදව ම තමන් අවධානය යොමු කර තිබෙන බවද ඔහු පවසයි.

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන හතක ණය ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු අතර, දැනට රට සතු විදේශ සංචිත ප්‍රමානය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button