ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

කාලගුණ විපර්යාසයට එරෙහිව ලංකාවෙත් සටන ඇරඹේ – නාමල්, මිලින්ද පෙරමුණ ගනියි

ලෝකයේ ඉහළ අවදානයක් හිමිව තිබෙන දේශගුණික විපර්යාස පිළිබඳ කතාබහ ශ්රී ලංකාවෙත් ඇරඹී තිබේ. ඒ තරුණ සහ ක්රීඩා අමාත්යංශය සහ ජාතික සංවර්ධන මාධ්ය මධ්යස්ථානය එක්ව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසටයි.

ඒ අනුව කාලගුණ විපර්යාස සහ සහ රඳා පැවතීම සඳහා තරුණ කටයුතු පිළිබඳ ජාතික සංවාදය අද ටාජ් සමුද්රා හෝටලයේදි පැවැත්වුනා. ඒ තරුණ හා ක්රීඩා කටයුතු අමාත්ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.

ජාතික සංවර්ධන මාධ්ය මධ්යස්ථානය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර මිලින්ද රාජපක්ෂ එහි අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. පාරිසරික සංවර්ධනය කෙරෙහි තරුණ ප්රජාවගේ දායකත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්ය මධ්යස්ථාන අධ්යක්ෂක මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශ්වවිද්යාල ආචාර්යවරුන් , පරිසරවේදීන් සහ තරුණ පිරිස් මෙහිදී සහභාගී වූහ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button