BREAKING NEWSEXCLUSIVE

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ආණ්ඩුවට පැසසුම්…

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පවසා සිටියා.

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සද්භාවයෙන් කරන කටයුත්තක් බව තමාට පෙනෙන්නේ යැයිද ඒ මහතා සඳහන් කළා.

ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී තවදුරටත් අදහස් දක්වමින් යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් කවුරුන් හෝ හමුදාව විවේචනය කරනවාට තමා විරුද්ධ යැයිද ප්‍රකාශ කර සිටියා

මහවැලියෙන් පසු මේ රටට ඇඟට දැනෙන දෙයක් කලා නම් එය කළේ යුද්ධය අවසන් කළ හමුදාව යැයිද ඔහු කියා සිටියා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිවලට ඉහළ පිළිගැනීමක් හිමිවිය යුතු බවත් එම විශ්වවිද්‍යාලය කඩයක් බවට පත් කිරීම ප්‍රශ්නවලට උත්තරයක් නොවන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු විය යුතු බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන්ට අපහාස කිරීම තමා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button