BREAKING NEWSEXCLUSIVE

“සරුසාර කිතුලයි – තිරසාර රටයි”

“සරුසාර කිතුලයි – තිරසාර රටයි” තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළි දක්වා තිබෙනවා.
රට පුර දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙනවා.
කිතුල් නිෂ්පාදනයේ සිට ආලෙවිය දක්වා රැකියා වල නියුතු පුද්ගලයින් මුහුණ දෙන අභියෝග මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ මෙම කර්මාන්තය රැගෙන යාම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව යි.
එය අරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබුවේ.
එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස “කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් පිළිගන්වනු ලැබුවා.
කිතුල් පැණි නිෂ්පාදනය සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිත” හඳුන්වා දෙමින් “ප්‍රමිත සහතිකය” ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු වී තිබෙනවා.
කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර, කිතුල්වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට වී ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button